පවතින තත්ත්වය හමුවේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
විදුලිබල මණ්ඩලය පැවසුවේ අද (10) සහ හෙට (11) දිනයේදී පැය එකහමාර බැගින් විදුලිය කප්පාදුව කිරීමට සිදුවනු ඇති බවය.
ඒ අනුව පස්වරු 3.30 සහ රාත්‍රී 09.30 අතර සමස්ත දිවයිනම ආවරණය පරිදි මෙම කප්පාදුව සිදුවනු ඇත.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක්කරන තෙක් මෙම විදුලි කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර තිබේ.