බේරුවල, පයාගල සහ අලුත්ගම ප්‍රදේශවලට හෙට (07) උදෑසන 8 දක්වා ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඊට හේතුවී ඇත්තේ, බේරුවල දක්වා දිවෙන ප්‍රධාන නල මාර්ගයක බිඳ වැටීමකි.
නල මාර්ගය යථා තත්ත්වයට පත්කිරීම ආරම්භ කර ඇතැයි, ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය.