දුර දිග ගිය ආරවුල

කලක පටන් පැවති ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අජිත් ප්‍රසන්න නම් 32 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (15) රාත්‍රියේදී කළුතර කොහොලාන ප්‍රදේශයේදී අත් පාවල කැපුම් තුවාල සහිතව අදාළ පුද්ගලයා වැටී සිටි අතර පසුව ඔහු නාගොඩ ශික්ෂණ රෝහළට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

පසුව ඔහුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමේදි මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධව කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ දකුණ අපරාධ අංශ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *