මහින්දට නිල නිවසෙන් යන්න කියයි…

නිල නිවසෙන් ඉවත් වෙන්නැයි ඉල්ලීමක් කරනතුරු නොසිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන් දැන්ම ඉවත්විය හැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමැති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති නිල නිවාස සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කල ප‍්‍රකාශයක් ගැන මාධ්‍යවේදීත් හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

“1986 ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සම්මත කරපු පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටියේ නැති වුණාට ඊට පස්සේ පාර්ලිමේන්තු ගණනාවක් නියොජනය කළා.

මේ පනත් ක්‍රියාත්මක කරපු ලංකාවේ ජනාධිපතිවරයා ලෙස හිටියා. හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනපතිවරයාගේ වැන්දඹුව වෙනුවෙන් වාසය සඳහා උචිත නිවසක් නොසපයන අවස්ථාවක හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකක දීමනාවක් හිටපු ජනපතිවරයාට හෝ වැන්දඹුවට ගෙවිය යුතුය. පනතේ තියෙනවා.

මම හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. කියනකම් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ. එක්කෝ ඒක ගෙවාගෙන ඉන්න පුළුවන්.

එතුමාට කරදඩු උස්වුණ දරුවන් තිදෙනෙක් ඉන්නවා. එයාලට තමන්ගේ අම්මා තාත්තා බලාගන්න පුළුවන්. මේක සියලුම හිටපු ජනපතිවරුන්ට අදාළයි”

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *