මුදල් හා ලිංගික අල්ලස් ඉල්ලා සිටි පුද්ගලයන්ට වැඩ වරදී.

තරුණ කාන්තාවන්ගේ රහසිගත වීඩියෝ ලබාගෙන, එම වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර මුදල් හා ලිංගික අල්ලස් ඉල්ලා සිටි පුද්ගලයන් දෙදෙනෙකු උතුරුමැද පළාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර,

  • 36 හැවිරිදි ප්‍රධාන සැකකරු: මහගල්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයෙකු.
  • 45 හැවිරිදි සහකරු: ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු.

තඹුත්තේගම ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක සේවය කරන 24 හැවිරිදි කාන්තාවක් පැමිණිල්ලි කර තිබු අතර, මෙම කාන්තාව බස් රථයක ගමන් කරමින් සිටියදී සැකකරු විසින් වීඩියෝ ගත කර, එම වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් රුපියල් 200,000ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බව පොලිසිය පවසයි.

ප්‍රධාන සැකකරු අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයකුගේ අනන්‍යතාව යටතේ ලියාපදිංචි කළ සිම් කාඩ්පත් සහ මෙමරි කාඩ්පත් කිහිපයක් භාවිත කර ඇත.

ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි දෙවැනි සැකකරු ප්‍රධාන සැකකරුට සිම් කාඩ්පත් ලබාගැනීම සඳහා අදාළ හැඳුනුම්පත සොරකම් කර ඇත.

සැකකරු තම අසල්වැසි තරුණියන්, ඔහුගේ මිතුරන්ගේ පෙම්වතියන් සහ නේවාසිකාගාරවල පදිංචි කාන්තාවන් ඇතුළු තරුණියන් කිහිපදෙනෙකුගේ ඡායාරූපද ළඟ තබාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ප්‍රධාන සැකකරු ප්‍රශ්න කිරීමේදී නොසන්සුන් හැසිරීමක් ප්‍රදර්ශනය කර ඇති අතර අදාළ මෙමරි කාඩ්පත් විනාශ කිරීමට ද උත්සාහ කර ඇත.

සැකකරුවන් දෙදෙනා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ජනවාරි 10 දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Cham Madhushika

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *