රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ…

රේගුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 01.38 ක බදු ආදායමක් වාර්තා කර ඇතිබව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මේ වසරේ ලැබී ඇති ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 01.53කි.

මේ වසර අවසන් වනවිට බදු ඉලක්කය සපුරා ගැනීමට හැකි වනු ඇතිබව එහිදී පැවසීය.

රේගු ඉතිහාසයේ වසරක් තුළ රැස් කරගත් වැඩිම ආදායම ලෙස හැඳින්විය හැකි බව පැවසීය.

ශ්‍රී ලංකා රේගුව මහජනතාවගේ පහසුව වෙනුවෙන් නව යෙදවුම් 02ක් හඳුන්වා දී තිබේ.

ආනයන අපනයන නිශ්කාෂණය සහ ආනයනය කරන ලද රථ වාහනවල නීත්‍යානුකූල බව තහවුරු කර ගැනීමට එම යෙදවුම් නිර්මාණය කර ඇති බව පැවසීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *