දේශපාලන

කෙහෙළිය අදත් CIDයට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහාය. මෙය ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශනවලට සහය වීම සඳහාය. පසුගිය 9 වැනිදා උදෑසන ද ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බව වාර්තා වේ. 

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට වහාම ක්‍රියාත්මක වන පරිදි පනවන ලද තීරු බදු, දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත. කෙසේ වෙතත්, චීනයට එරෙහි තීරු බද්ද 125% දක්වා ඉහළ නංවා ඇත. ඊයේ (9) දින සිට ක්‍රියාත්මක වන පරිදි, චීන ආනයන සඳහා ඇමරිකාව 104%ක තීරු බද්දක් පනවා තිබුණි. එම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්,...

චාමර සම්පත් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහුව අප්‍රේල් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෛත්‍රීත් අද CIDයට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ජනාධිපති අරමුදලෙන් දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට අරමුදල් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

අපි කියන්නේ ඇත්තමයි…මාලිමාව බොරු කියන්නේ නැහැ…

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විශේෂ සටහනක් තබා තිබුනා. ඒ අනුව ආණ්ඩුව සම්බන්ධයෙන් විපක්ෂය විසින් සිදු කරන ප්‍රකාශයක්  ගැන ඔහු මෙලෙස අදහස් දක්වා සිටියි. ආණ්ඩුව බොරු කිව්වේ යයි විපක්ෂය විසින් එල්ල කරන චෝදනා අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. සත්‍ය වශයෙන්ම බොරු කියා ඇත්තේ අද විපක්ෂයේ...

තැපැල් ඡන්දය අප්‍රේල් 22,23 සහ 24 දිනවලදී…

2025.04.22 දින සිට 2025.04.24 දින දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුලු සෙසු සියලුම රාජ්‍ය ආයතනයන්හි නිල ඇදුම් කායමණ්ඩල හා එම කාර්යාලවලට අනුයුක්ත සිවිල් කායමණ්ඩල තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුවේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ලංකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍ය මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මැතිවරණ නීති උල්ලංඝනයට පොලිසියෙන් නිවේදනයක්!

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව ඊයේ (24) දිනයේදී දිවයින පුරා පොලිස් ස්ථාන වෙත මැතිවරණ පැමිණිලි 02ක් වාර්තා වී ඇති අතර මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. පොලොන්නරුව පොලිස් කොට්ඨාසයේ සිරිපුර පොලිස් ස්ථානය වෙත ඡන්ද අපේක්ෂකයෙකුගේ නාමයට කැළලක් වන පරිදි වීඩියෝවක් මුහුණු පොතේ පළ කර...

අයථා ලෙස ඉපයූ දේපළ රාජසන්තක කරන නීති ගෙනේ

හිටපු පාලකයන් සහ එම පාලනයන්ට සම්බන්ධ පුද්ගලයන් අයථා ලෙස උපයා ගත් දේපළ රාජසන්තක කිරීම සඳහා නව නීති හඳුන්වා දෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි. එමගින් අදාළ දේපළ නීත්‍යානුකූලව විධිමත් ලෙස අධිකරණය ඔස්සේ රජයට පවරා ගැනීමට අවස්ථාව ලැබෙන බව මන්ත‍්‍රීවරයා පැවසීය. ඒ සඳහා වන පනත ඉදිරි අප්‍රේල් 08 වෙනිදා පාර්ලිමේන්තුවට ගෙන...

දේශබන්දු අධිකරණයට භාරවේ!

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබේ. මෙම සිද්ධියට අදාළව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම,...

පුවත්

කතු වැකිය

කෙහෙළිය අදත් CIDයට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහාය. මෙය ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශනවලට සහය වීම සඳහාය. පසුගිය 9 වැනිදා උදෑසන ද ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බව වාර්තා වේ. 

කාටූන්